E-excell

Forever Bound , Forever Apart
සැමදා එක්ව, සැමදා වෙන්ව
Read this heartfelt love story of two true and faithful souls, told in captivating weekly episodes — exclusively brought to you by E-Excell
සැබෑ පෙම්වතුන් දෙපලකගේ මේ අනුවේදනීය ආදර කතාව කොටස් වශයෙන් කියවන්න

Chapter 1 - part 1
The evening sun was casting pale shafts of light through the ventilators as the first day at Ramesh's new workplace drew to a close. Around him, everyone was finishing the last of their tasks, eager to head home
ද ඊව්නිං සන් වෝස් කාස්ටිං පේල් ෂාෆ්ට්ස් ඔෆ් ලයිට් තෲ ද වෙන්ටිලේට(ර්)ස් ඈස් ද ෆස්ට් ඩේ ඇට් රමේෂ’ස් නිව් ව(ර්)ක්ප්ලේස් ඩෲ ටු අ ක්ලෝස්. අරවුන්ඩ් හිම්, එව්රිවන් වෝස් ෆිනිෂිං ද ලාස්ට් ඔෆ් දෙයා ටාස්ක්ස්, ඊග(ර්) ටු හෙඩ් හෝම්.
හැන්දෑ මලානික හිරු එළිය වා කව්ළු තුලින් ඇතුලට වැටෙමින් තිබියදී රමේෂ්ගේ නව රැකියා ස්ථානයේ පළමු දිනය අවසන් වෙමින් තිබුණි , . ඔහු වටා සිටි සියලු දෙනාම නිවස බලා යාමට ආශාවෙන් තම අවසන් වැඩ කොටස නිම කරමින් සිටියහ.
Ramesh, however, felt no particular attachment to the place. He had been there for only a few hours, and it was far too early to decide whether he liked it or not. The uncertainty of the days ahead hung over him. More than anything else, he needed to find a place to stay
රමේෂ්, හව්එව(ර්), ෆෙල්ට් නෝ පටිකියුල(ර්) ඇටැච්මන්ට් ටු ද ප්ලේස්. හී හැඩ් බීන් දෙයා ෆෝ ඔන්ලි අ ෆිව් අව(ර්)ස්, ඇන්ඩ් ඉට් වෝස් ෆා ටූ අ(ර්)ලි ටු ඩිසයිඩ් වෙද(ර්) හී ලයික්ට් ඉට් ඕ නොට්. ද අන්ස(ර්)ටෙන්ටි ඔෆ් ද ඩේස් අහෙඩ් හැං ඕව(ර්) හිම්. මෝ(ර්) දෑන් එනිතිං එල්ස්, හී නීඩඩ් ටු ෆයින්ඩ් අ ප්ලේස් ටු ස්ටේ.
එහෙත් රමේෂ්ට එම ස්ථානය පිළිබඳ විශේෂ බැඳීමක් දැනුණේ නැත. ඔහු එහි සිට තිබුනේ පැය කිහිපයක් පමණි. එම ස්ථානයට ඔහු කැමතිද නැද්ද යන්න තීරණය කිරීමට තවමත් ඉක්මන් වැඩි විය . ඉදිරිය අවිනිශ්චිතතාවය ඔහුගේ සිත මත බරක් ලෙස රැඳී තිබුණි. අන් සියල්ලටම වඩා, ඔහුට අවශ්‍ය වූයේ නවාතැන් ගැනීමට තැනක් සොයා ගැනීමයි.
He had no idea where he would spend the night. He had arrived only that morning. There had been no time to look for a place to stay. He had reported for work straight away
හී හැඩ් නෝ අයිඩියා වෙයා හී වුඩ් ස්පෙන්ඩ් ද නයිට්. හී හැඩ් අරයිව්ඩ් ඔන්ලි දැට් මෝ(ර්)නිං. දෙයා හැඩ් බීන් නෝ ටයිම් ටු ලුක් ෆෝ අ ප්ලේස් ටු ස්ටේ. හී හැඩ් රිපෝ(ර්)ටඩ් ෆෝ ව(ර්)ක් ස්ට්‍රේට් අවේ
එදින රාත්‍රිය ඔහු ගත කරන්නේ කොහේදැයි ඔහුට කිසිදු අදහසක් නොතිබුණි. ඔහු පැමිණයේ එදින උදෑසනය. නවාතැන් ගැනීමට ස්ථානයක් සොයා බැලීමට ඔහුට කිසිදු කාලයක් නොතිබුණි. ඔහු පැමිණි වහාම රැකියාවට වාර්තා කර තිබුණි.
He was very anxious about it. Deep down, he wished that someone, anyone, would take pity on him and offer him a place to stay, even if it was only for one night
හී වෝස් වෙරි ඇංක්ෂස් අබවුට් ඉට්. ඩීප් ඩවුන්, හී විෂ්ඩ් දැට් සමුවන්, එනිවන්, වුඩ් ටේක් පිටි ඔන් හිම් ඇන්ඩ් ඔෆ(ර්) හිම් අ ප්ලේස් ටු ස්ටේ, ඊවන් ඉෆ් ඉට් වෝස් ඔන්ලි ෆෝ වන් නයිට්.
කවුරුන් හෝ කෙනෙකු, කව්රුම හෝ , තමන් ගැන අනුකම්පා කර, එක් රාත්‍රියකට හෝ නවාතැන් ගැනීමට තැනක් ලබා දෙනු ඇතැයි කියා ඔහු යටි සිතින් ප්‍රර්ථනා කළේය
"Have you found a place to stay?" one of the workers asked during the tea break.
"හැව් යූ ෆවුන්ඩ් අ ප්ලේස් ටු ස්ටේ?" වන් ඔෆ් ද ව(ර්)ක(ර්)ස් ආස්ක්ඩ් ඩියුරිං ද ටී බ්‍රේක්.
"ඔයා නවතින්න තැනක් සොයා ගත්තාද?" තේ විවේකයේදී එක් සේවකයෙක් ඔහුගෙන් ඇසීය.
"No," Ramesh replied quietly.
"නෝ," රමේෂ් රිප්ලයිඩ් ක්වයට්ලි.
"නැහැ," රමේෂ් නිහඬව පිළිතුරු දුන්නේය.
"Then where are you going to stay, man? Sleep on the street?" the man asked with a mocking smile.
"දෙන් වෙයා ආ යූ ගොයිං ටු ස්ටේ, මෑන්? ස්ලීප් ඔන් ද ස්ට්‍රීට්?" ද මෑන් ආස්ක්ඩ් විත් අ මොකීං ස්මයිල්.
"එහෙනම් කොහේද නවතින්න යන්නේ මනුස්සයෝ? පාරේ නිදාගන්නද?" ඒ මිනිසා උපහාසාත්මක සිනහවක් සමඟ ඇසීය.
The remark hurt him. Ramesh forced a faint smile, but inside he felt miserable. Would he be able to find somewhere to stay? Would anyone be willing to help him find a place?
ද රිමා(ර්)ක් හ(ර්)ට් හිම්. රමේෂ් ෆෝ(ර්)ස්ට් අ ෆේන්ට් ස්මයිල්, බට් ඉන්සයිඩ් හී ෆෙල්ට් මිස(ර්)අබල්. වුඩ් හී බී ඒබල් ටු ෆයින්ඩ් සමුවෙ(ර්) ටු ස්ටේ? වුඩ් එනිවන් බී විලිං ටු හෙල්ප් හිම් ෆයින්ඩ් අ ප්ලේස්?
එම වචන ඔහුගේ සිත රිදවීය. රමේෂ් අමාරුවෙන් මඳ සිනහවක් මවා පෙන්වූ නමුත්, ඇතුළතින් ඔහුට දැඩි අසරණ බවක් දැනුණි. තමන්ට නවතින්න තැනක් සොයා ගැනීමට හැකි වේවිද? කවුරුන් හෝ කෙනෙකු තමන්ට එවැනි තැනක් සොයා ගැනීමට උදව් කරාවිද?
About five minutes before the end of the workday, a lady supervisor walked over to him. Her name was Nilu. She was an attractive woman , but what caught Ramesh's attention even more was the kindness in her face
අබවුට් ෆයිව් මිනිට්ස් බිෆෝ ද එන්ඩ් ඔෆ් ද ව(ර්)ක්ඩේ, අ ලේඩි සුප(ර්)වයිස(ර්) වෝක්ඩ් ඕව(ර්) ටු හිම්. හ(ර්) නේම් වෝස් නිලු. ෂී වෝස් ඇන් ඇට්‍රෑක්ටිව් වුමන් , බට් වට් කෝට් රමේෂ්’ස් අටෙන්ෂන් ඊවන් මෝ වෝස් ද කයින්ඩ්නස් ඉන් හ(ර්) ෆේස්.
වැඩ දිනය අවසන් වීමට මිනිත්තු පහකට පමණ පෙර, සුප(ර්)වයිස(ර්)වරියක් ඔහු වෙත පැමිණියාය. ඇගේ නම නිලුය. ඇය ආකර්ෂණීය කාන්තාවක් වූවාය. එහෙත් රමේෂ්ගේ අවධානය වඩාත්ම දිනාගත්තේ ඇගේ මුහුණේ තිබූ කරුණාවයි.
"Have you found a place to stay, Malli?" she asked gently.
"හැව් යූ ෆවුන්ඩ් අ ප්ලේස් ටු ස්ටේ, මල්ලි?" ෂී ආස්ක්ට් ජෙන්ට්ලි.
"නවතින්න තැනක් සොයා ගත්තාද, මල්ලි ?" ඇය මෘදු ලෙස ඇසුවාය.
"No, Akka," Ramesh answered.
"නෝ, අක්කා," රමේෂ් ආන්ස(ර්)ඩ්.
"නැහැ, අක්කා," රමේෂ් පිළිතුරු දුන්නේය.
Without another word, she walked over to a man standing on the other side of the workshop and spoke to him quietly. A few moments later, she returned
විතවුට් අනද(ර්) ව(ර්)ඩ්, ෂී වෝක්ඩ් ඕව(ර්) ටු අ මෑන් ස්ටෑන්ඩිං ඔන් දි අද(ර්) සයිඩ් ඔෆ් ද ව(ර්)ක්ෂොප් ඇන්ඩ් ස්පෝක් ටු හිම් ක්වයට්ලි. අ ෆිව් මෝමන්ට්ස් ලේට(ර්), ෂී රිට(ර්)න්ඩ්
තවත් වචනයක්වත් නොකියා, ඇය වැඩපොලේ අනෙක් පැත්තේ සිටි මිනිසෙකු වෙත ගොස් ඔහු සමඟ නිහඬව කතා කළාය. මොහොතකට පසු ඇය නැවත පැමිණියාය.
"You can stay with him until you find a place of your own," she said. "He has two beds in his room."
"යූ කැන් ස්ටේ විත් හිම් අන්ටිල් යූ ෆයින්ඩ් අ ප්ලේස් ඔෆ් යුව(ර්) ඕන්," ෂී සේඩ්. "හී හැස් ටූ බෙඩ්ස් ඉන් හිස් රූම්."
"ඔයාට තැනක් සොයා ගන්නා තුරු එයත් එක්ක නවතින්න පුළුවන්," ඇය කීවාය. "එයාගේ කාමරයේ ඇඳන් දෙකක් තිබෙනවා."
A wave of relief came over Ramesh . He looked at Nilu with heartfelt gratitude, unable to find the words to thank her.
අ වේව් ඔෆ් රිලීෆ් කේම් ඕව(ර්) රමේෂ් . හී ලුක්ට් ඇට් නිලු විත් හා(ර්)ට්ෆෙල්ට් ග්‍රැටිටියුඩ්, අන්ඒබල් ටු ෆයින්ඩ් ද ව(ර්)ඩ්ස් ටු තෑන්ක් හ(ර්).
සැනසුම් හැඟීමක් අනීල්ගේ සිත පුරා පැතිර ගියේය. ඇයට ස්තුති කිරීමට වචන සොයාගත නොහැකිව, ඔහු හෘදයාංගම කෘතඥතාවයකින් නිලු දෙස බැලුවේය.
The man looked about forty-five years old. He was short and lean, with a fair complexion. He had a calm and pleasant face, but he did not seem very friendly. Although he had agreed to let Ramesh stay at his place at Nilu's request, he had not even bothered to turn around and look at him.
ද මෑන් ලුක්ට් අබවුට් ෆෝ(ර්)ටි ෆයිව් ඉය(ර්)ස් ඕල්ඩ්. හී වෝස් ෂෝට් ඇන්ඩ් ලීන්, විත් අ ෆෙයා කම්ප්ලෙක්ෂන්. හී හැඩ් අ කාම් ඇන්ඩ් ප්ලෙසන්ට් ෆේස්, බට් හී ඩිඩ් නොට් සීම් වෙරි ෆ්‍රෙන්ඩ්ලි. ඕල්දෝ හී හැඩ් අග්‍රීඩ් ටු ලෙට් රමේෂ් ස්ටේ ඇට් හිස් ප්ලේස් ඇට් නිලු'ස් රික්වෙස්ට්, හී හැඩ් නොට් ඊවන් බොද(ර්)ඩ් ටු ට(ර්)න් අරවුන්ඩ් ඇන්ඩ් ලුක් ඇට් හිම්.
එම මිනිසාට වයස අවුරුදු හතළිස් පහක් පමණ පෙනුණි. ඔහු මිටි හා කෙට්ටු සිරුරක් ඇති, පැහැපත් සමැති
අයෙකි. ඔහුගේ මුහුණ සන්සුන් හා ප්‍රසන්න පෙනුමක් තිබුණද, එතරම් මිත්‍රශීලී පුද්ගලයෙකු ලෙස නම් නොපෙනුණි. නිලුගේ ඉල්ලීම නිසා රමේෂ්ට තම නවාතැනේ රැඳී සිටීමට ඔහු එකඟ වී තිබුණද, ඔහු රමේෂ් දෙස හැරී බැලීමටවත් උනන්දු වූයේ නැත.
As everyone hurried to finish their work and leave for the day, Ramesh slowly walked across to the other side of the workshop where the man was standing.
ඈස් එව්රිවන් හරීඩ් ටු ෆිනිෂ් දෙයා ව(ර්)ක් ඇන්ඩ් ලීව් ෆෝ ද ඩේ, රමේෂ් ස්ලෝලි වෝක්ට් අක්‍රොස් ටු දි අද(ර්) සයිඩ් ඔෆ් ද ව(ර්)ක්ෂොප් වෙයා ද මෑන් වෝස් ස්ටෑන්ඩිං.
සියලු දෙනාම තම වැඩ නිම කර නිවස බලා යාමට ඉක්මන් කරමින් සිටියදී, රමේෂ් සෙමෙන් වැඩපොළේ අනෙක් පැත්තට, එම මිනිසා සිටි ස්ථානය වෙත ඇවිද ගියේය.
"Aiye, that Akka told me I could stay at your place," Ramesh said timidly.
"අයියේ, දැට් අක්කා ටෝල්ඩ් මී අයි කුඩ් ස්ටේ ඇට් යුව(ර්) ප්ලේස්," රමේෂ් සේඩ් ටිමිඩ්ලි.
"අයියේ, අර අක්කා කිව්වා මට ඔයාගේ තැන නවතින්න පුළුවන් කියලා," රමේෂ් ලැජ්ජාවෙන් මෙන් කීවේය.
"Yes, you can," the man replied softly, without even looking at Ramesh.
"යෙස්, යූ කැන්," ද මෑන් රිප්ලයිඩ් සොෆ්ට්ලි, විතවුට් ඊවන් ලුකිං ඇට් රමේෂ්.
"ඔව්, පුළුවන්," රමේෂ් දෙසවත් නොබලා ඒ මිනිසා මෘදු හඬින් පිළිතුරු දුන්නේය.
Silence followed. For a few moments, neither of them said a word.
සයිලන්ස් ෆොලෝ(ව්)ඩ්. ෆෝ අ ෆිව් මෝමන්ට්ස්, නයිද(ර්) ඔෆ් දෙම් සේඩ් අ ව(ර්)ඩ්.
ඉන්පසු නිහැඬියාවක් ඇති විය. මොහොතක් දෙදෙනාගෙන් කිසිවෙකුත් වචනයක්වත් කතා කළේ නැත.
"I have a spare bed in my room," the man said at last. "I never let my landlady rent it to anyone because I don't like unnecessary trouble. I pay for that bed myself and keep it vacant. I'm letting you stay there only because Nilu asked me to. Otherwise, I never share my room with anyone. You can stay there until you find a place of your own."
"අයි හැව් අ ස්පෙයා බෙඩ් ඉන් මයි රූම්," ද මෑන් සේඩ් ඇට් ලාස්ට්. "අයි නෙව(ර්) ලෙට් මයි ලෑන්ඩ්ලේඩි රෙන්ට් ඉට් ටු එනිවන් බිකෝස් අයි ඩෝන්ට් ලයික් අන්නෙසසරි ට්‍රබල්. අයි පේ ෆෝ දැට් බෙඩ් මයිසෙල්ෆ් ඇන්ඩ් කීප් ඉට් වේකන්ට්. අයිම් ලෙටිං යූ ස්ටේ දෙයා ඔන්ලි බිකෝස් නිලු ආස්ක්ඩ් මී ටු. අද(ර්)වයිස්, අයි නෙව(ර්) ෂෙයා මයි රූම් විත් එනිවන්. යූ කැන් ස්ටේ දෙයා අන්ටිල් යූ ෆයින්ඩ් අ ප්ලේස් ඔෆ් යුව(ර්) ඕන්."
"මගේ කාමරයේ හිස් ඇඳක් තියෙනවා," අවසානයේ ඔහු කීවේය. "අනවශ්‍ය කරදරවලට මම කැමති නැති නිසා ඒක වෙන කාටවත් කුලියට දෙන්න මම මගේ ගෙදර අයිතිකාරිට ඉඩ දෙන්නේ නැහැ. ඒ ඇඳට මම ගෙවනවා. ඒක ඔයාට දෙන්නේ නිලු මගෙන් ඉල්ලපු නිසයි. නැත්නම් මම කවදාවත් වෙන කෙනෙක් එක්ක මගේ කාමරය බෙදා ගන්නේ නැහැ. ඔයාට තැනක් හොයා ගන්නකල් එහි නවතින්න පුළුවන්."
Ramesh listened quietly. He did not know what to say.
රමේෂ් ලිසන්ඩ් ක්වයට්ලි. හී ඩිඩ් නොට් නෝ වට් ටු සේ.
රමේෂ් නිහඬවම සවන් දුන්නේය. කුමක් කියන්න දැයි ඔහු නොදැන සිටියේය .
"Have you finished your work?" the man asked after a moment.
"හැව් යූ ෆිනිෂ්ඩ් යුව(ර්) ව(ර්)ක්?" ද මෑන් ආස්ක්ඩ් ආෆ්ට(ර්) අ මෝමන්ට්.
"ඔයාගේ වැඩ ඉවරද?" මොහොතකට පසු ඔහු ඇසීය.
"Yes," Ramesh answered, although he was not even sure whether he had finished everything or not.
"යෙස්," රමේෂ් ආන්ස(ර්)ඩ්, ඕල්දෝ හී වෝස් නොට් ඊවන් ෂුව(ර්) වෙද(ර්) හී හැඩ් ෆිනිෂ්ඩ් එව්රිතිං ඕ නොට්.
"ඔව්," තම වැඩ සියල්ලම අවසන් කළාද නැද්ද යන්නවත් ගැන හරියටම විශ්වාසයක් නොතිබුනද රමේෂ් පිළිතුරු දුන්නේය..
"Then get ready quickly. We have to leave."
"දෙන් ගෙට් රෙඩි ක්වික්ලි. වී හැව් ටු ලීව්."
"එහෙනම් ඉක්මනට ලෑස්ති වෙන්න. අපි යන්න ඕනේ."
Without another word, the man turned back to what he was doing.
විතවුට් අනද(ර්) ව(ර්)ඩ්, ද මෑන් ට(ර්)න්ඩ් බැක් ටු වට් හී වෝස් ඩුයිං
තවත් වචනයක්වත් නොකියා, ඔහු නැවතත් තම වැඩට යොමු විය.
Ramesh slowly walked back to his place in the workshop. By now, almost half of the workers had already left. Only a handful remained, finishing the last of their work or chatting with one another before going home. No one seemed to notice him.
රමේෂ් ස්ලෝලි වෝක්ට් බැක් ටු හිස් ප්ලේස් ඉන් ද ව(ර්)ක්ෂොප්. බයි නව්, ඕල්මෝස්ට් හාෆ් ඔෆ් ද ව(ර්)ක(ර්)ස් හැඩ් ඕල්රෙඩි ලෙෆ්ට්. ඕන්ලි අ හෑන්ඩ්ෆුල් රිමේන්ඩ්, ෆිනිෂිං ද ලාස්ට් ඔෆ් දෙයා ව(ර්)ක් ඕ චැටිං විත් වන් අනද(ර්) බිෆෝ ගොයිං හෝම්. නෝ වන් සීම්ඩ් ටු නෝටිස් හිම්.
රමේෂ් සෙමෙන් නැවතත් වැඩපොළේ තම ස්ථානය වෙත ගියේය. මේ වන විට සේවකයන්ගෙන් අඩකටම ආසන්න පිරිසක් පිටව ගොස් සිටියහ. තවත් ඉතිරිව සිටියේ කිහිප දෙනෙකු පමණි. ඔවුන් තම අවසන් වැඩ කටයුතු නිම කරමින් හෝ ගෙදර යාමට පෙර එකිනෙකා සමඟ කතාබස් කරමින් සිටියහ. කිසිවෙකුත් රමේෂ් ගැන අවධානයක් යොමු කරන බවක් නොපෙනුණි.
Just then, Nilu walked past him on her way out.
ජස්ට් දෙන්, නිලු වෝක්ට් පාස්ට් හිම් ඔන් හ(ර්) වේ අවුට්.
එවිටම , පිටතට යමින් සිටි නිලූ රමේෂ් පසුකර ගියාය.
"What are you going to eat for dinner, Malli?" she asked.
"වට් ආ යූ ගොයිං ටු ඊට් ෆෝ ඩින(ර්), මල්ලි?" ෂී ආස්ක්ඩ්.
" අද රෑට මොනවද කන්නෙ මල්ලි ?" ඇය ඇසුවාය.
"I'm not sure, Akka. Are there any places to buy food around here?" Ramesh asked.
"අයිම් නොට් ෂුව(ර්), අක්කා. ආ දෙයා එනි ප්ලේසස් ටු බයි ෆුඩ් අරවුන්ඩ් හිය(ර්)?" රමේෂ් ආස්ක්ඩ්.
"හරියටම ෂුව(ර්) නෑ , අක්කා. මෙහෙ අවට කෑම ගන්න තැන් තියෙනවද?" රමේෂ් ඇසුවේය .
"There are," she replied with a smile, "but I'll send you something for dinner."
"දෙයා ආ," ෂී රිප්ලයිඩ් විත් අ ස්මයිල්, "බට් අයිල් සෙන්ඩ් යූ සම්තිං ෆෝ ඩින(ර්)."
"තියෙනවා," ඇය සිනහවක් සමඟ පිළිතුරු දුන්නාය. "ඒ වුනාට මම ඔයාට රෑ කෑමට මොනවා හරි එවන්නම්."
With that, she stepped out of the workshop.
විත් දැට්, ෂී ස්ටෙප්ට් අවුට් ඔෆ් ද ව(ර්)ක්ෂොප්.
එසේ පවසා ඇය වැඩපොළෙන් පිටතට ගියාය.