top of page
Idiom - ඉඟි වැකි 

ඉඩියම්  එකක් (ඉඟි වැකියක් ) කියන්නේ එහි වචන වල තේරුමට වඩා වෙනස් තේරුමක් තියෙන වාක්‍යය ඛණ්ඩයක්. එහි සදහන් වචන වල අර්ථය වෙන වෙනම  ගෙන ඔබට එහි තේරුම කියන්න බැහැ . ඔබ දැන  සිටිය යුතුයි එම ඉඟි වැකියේ විශේෂ අර්ථය. ඉඟි වැකි වලින් ඉංග්‍රීසි භාෂාවට අලංකාරයක් සහ ඉහල ප්‍රමිතියක් එක් කරනවා         

මුල සිට සරලව (12).png

Once in a blue moon

(Very rarely) - ඉතාම කලාතුරකින්) 

 

I visit my hometown once in a blue moon.

අයි විසිට් මයි හෝම්ටවුන් වන්ස් ඉන් අ බ්ලූ මූන්.

මම මගේ ගමට යන්නේ ඉතා කලාතුරකින් 

She eats fast food once in a blue moon.

ෂී ඊට්ස් ෆාස්ට් ෆුඩ් වන්ස් ඉන් අ බ්ලූ මූන්.

ඇය ක්ෂණික ආහාර කන්නේ හරිම  කලාතුරකින් 

 

We go to the cinema once in a blue moon.

වී ගෝ ටු ද සිනමා වන්ස් ඉන් අ බ්ලූ මූන්.

අපි සිනමා ශාලාවට යන්නේ හරිම  කලාතුරකින් 

 

Spill the beans

(Reveal a secret) - රහසක් එලි කරනවා) 

 

Don't spill the beans about the surprise party.

ඩෝන්ට් ස්පිල් ද බීන්ස් අබවුට් ද සප්‍රයිස් පා(ර්)ටි.

සප්‍රයිස් පාටි එක  ගැන රහස හෙළි කරන්න එපා.

 

Who spilled the beans about our plan?

හූ ස්පිල්ඩ් ද බීන්ස් අබවුට් අව(ර්) ප්ලෑන්?

අපේ සැලැස්ම ගැන රහස හෙළි කළේ කවුද?

 

He accidentally spilled the beans.

හී ඇක්සිඩෙන්ටලි ස්පිල්ඩ් ද බීන්ස්.

ඔහු අහම්බෙන් රහස හෙළි කළා.

 

Break the ice

(Start a conversation ) - නිහඬතාවය බිඳිමින් කතා බහක් අරඹනවා (බොහෝවිට අමුත්තන් දෙදෙනෙකු අතර )      

 

Tom greeted her to break the ice.

ටොම් ග්‍රීටඩ් හ(ර්)  ටු බ්‍රේක් ද අයිස්.

කතා බහක් අරඹන්න  ටොම් ඇයට  සුභ පැතුවා 

 

I  smiled with her and said “Hi “ to break the ice.

අ ස්මයිල්ඩ් විත් හ(ර්) ඇන්ඩ් සේඩ් “හායි” ටු බ්‍රේක් ද අයිස්.

සිනහවකින් අමුත්තන් අතර ඇති අපහසුතාවය නැති කළ හැක.

 

She asked a simple question to break the ice

ෂී ආස්ක්ඩ් අ සිම්පල් ක්වෙස්චන් ටු බ්‍රේක් ද අයිස්.

කතාබහ  ආරම්භ කිරීමට ඇය සරල ප්‍රශ්නයක් ඇසුවා

 

Under the weather

(Feeling slightly ill)- තරමක අසනීප ගතියක් දැනෙනවා )

 

I'm feeling a little under the weather today.

අයිම් ෆීලිං අ ලිට්ල් අන්ඩ(ර්) ද වෙද(ර්) ටුඩේ.

අද මට ටිකක් අසනීප වගේ දැනෙනවා.

 

She stayed at home because she was under the weather.

ෂී ස්ටේඩ් ඇට් හෝම් බිකෝස් ෂී වොස් අන්ඩ(ර්) ද වෙද(ර්)

ඇයට ටිකක් අසනීප නිසා ඇය ගෙදරම හිටියා.

 

You look under the weather. Are you okay?

යූ ලුක් අන්ඩ(ර්) ද වෙද(ර්). ආ යූ ඕකේ?

ඔයා ටිකක් අසනීප වගේ පේනවා. ඔයා හොඳින්ද?

 

The ball is in your court

(It is your turn to decide or act) - තීරණයක් හෝ ක්‍රියාමාර්ගයක් ගැනීමේ වාරය ඔබේ ) 

 

I've done my part. The ball is in your court now.

අයිව් ඩන් මයි පාට්. ද බෝල් ඉස් ඉන් යුව(ර්) කෝට් නව්.

මම මගේ කොටස කළා. දැන් තීරණය ගන්න ඕනේ ඔයා.

 

We have made our offer. The ball is in your court.

වී හැව් මේඩ් අව(ර්) ඔෆ(ර්). ද බෝල් ඉස් ඉන් යුව(ර්) කෝට්.

අපි අපේ යෝජනාව ඉදිරිපත් කළා. දැන් තීරණය ඔබ අතේ.

 

I have answered all your questions. The ball is in your court.

අයි හැව් ආන්ස(ර්)ඩ් ඕල් යුව(ර්) ක්වෙස්චන්ස්. ද බෝල් ඉස් ඉන් යුව(ර්) කෝට්.

මම ඔයාගේ  සියලු ප්‍රශ්නවලට පිළිතුරු දුන්නා. දැන් ඊළඟ පියවර ඔයාගේ අතේ

bottom of page