top of page
Everyday Conversation 

සරල ඉංග්‍රීසි සංවාද මගින් ඔබේ  එදිනෙදා ජිවිතයේ ඔබ කතා කරන සෑම දෙයක්ම ඉංග්‍රීසියෙන් ප්‍රකාශ කිරීමේ හැකියාව වැඩි දියුණු කරගැනීමට අවස්තාව 

මුල සිට සරලව (7).png

Customer : Excuse me, I forgot my wallet at home.

එක්ස්කියුස් මී, අයි ෆොගොට් මයි වොලට් ඇට් හෝම්.

සමාවෙන්න, මට මගේ මුදල් පසුම්බිය ගෙදර අමතක වුණා.

 

Cashier: That's okay. You can pay by card if you like.

දැට්ස් ඕකේ. යූ කැන් පේ බයි කාඩ් ඉෆ් යූ ලයික්.

ඒකට කමක් නැහැ. ඔබ කැමති නම් කාඩ්එකෙන්  ගෙවන්න පුළුවන්.

 

Customer : Oh, that's a relief. I'll use my card.

ඕ, දැට්ස් අ රිලීෆ්. අයිල් යූස් මයි කාඩ්.

අහ්, ඒක සහනයක්. මම මගේ කාඩ්එක පාවිච්චි  කරන්නම් .

 

Cashier: No problem. Please insert your card here.

නෝ ප්‍රොබ්ලම්. ප්ලීස් ඉන්ස(ර්)ට් යුවර් කාඩ් හිය(ර්).

කිසිම ප්‍රශ්නයක් නැහැ. කරුණාකර ඔබේ කාඩ්පත මෙතැනට ඇතුල් කරන්න.

 

Customer : Done. Thank you very much.

ඩන්. තැන්ක් යූ වෙරි මච්.

හරි. ඔබට බොහොම ස්තුතියි.

 

Cashier: You're welcome. Have a nice day!

යුව(ර්) වෙල්කම්. හැව් අ නයිස් ඩේ!

ඔබව(ඔබේ ස්තුතිය ) පිලිගන්නවා . ඔබට සුබ දවසක්!

A : Excuse me, has the Kandy bus gone already?

එක්ස්කියුස් මී, හැස් ද කැන්ඩි බස් ගෝන් ඕල්රෙඩි?

සමාවෙන්න, මහනුවර බස් එක ගිහින්ද?

 

B : No, it hasn't. It should be here in about five minutes.

නෝ, ඉට් හැස්න්ට්. ඉට් ෂුඩ් බී හිය(ර්) ඉන් අබවුට් ෆයිව් මිනිට්ස්.

නැහැ. තව විනාඩි පහකින් විතර එයි.

 

A : That's good. I thought I had missed it.

දැට්ස් ගුඩ්. අයි තෝට් අයි හැඩ් මිස්ඩ් ඉට්.

ඒක හොඳයි. මට හිතුවේ  මට ඒක මඟ හැරුණා කියලා.

 

B : Don't worry. It's usually a little late.

ඩෝන්ට් වරි. ඉට්ස් යූෂුවලි අ ලිට්ල් ලේට්.

බය වෙන්න එපා. ඒක සාමාන්‍යයෙන් ටිකක් පරක්කු වෙනවා.

 

A : What time does it usually come here?

වට් ටයිම් ඩස් ඉට් යූෂුවලි කම් හිය(ර්)?

ඒක  සාමාන්‍යයෙන් මෙහෙට  එන්නේ කීයටද?

 

B : Usually at 12:30, but sometimes it gets a bit late.

යූෂුවලි ඇට් ට්වෙල්ව් ත(ර්)ටි, බට් සම්ටයිම්ස් ඉට් ගෙට්ස් අ බිට් ලේට්.

සාමාන්‍යයෙන් 12.30ට. ඒත් සමහර වෙලාවට ටිකක් පරක්කු වෙනවා.

bottom of page